ව්‍යාපාරික ස්ථාන ගිනිතැබීමට අත්අඩංගුවට ගත් පුද්ගලයා BBS සාමාජිකයෙක්

නුගේගොඩ ප‍්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ඉකුත්දා එල්ල වූ ගිනි තැබීම් සහ ප‍්‍රහාර සම්බන්ධ ප‍්‍රධාන සැකකරු බොදුබල සේනා සංවිධානයේ ක‍්‍රියාකාරි සාමාජිකයෙකු බව මේ වනවිට අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා මේ බව සඳහන් කළ අතර ඔහුගෙන් ප‍්‍රශ්න කරමින් ප්‍රකාශ සටහන් කරගත් බවද ඔහු සඳහන් කරයි.

2004 වසරේ සිට මෙම පුද්ගලයා බොදු බල සේනා සංවිධානය සමග එක්ව ක‍්‍රියාකාරී ලෙස එම සංවිධානයේ කටයුතුවලට දායකත්වය ලබා දී තිබෙන බව එම ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වී ඇත.

බොදු බල සේනා සංවිධානය විසින් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පවත්වන ලද උද්ඝෝෂණ සහ විරෝධතා පෙළ පාලිවලටද මෙම පුද්ගලයා සක‍්‍රිය ලෙස දායක වී ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇතැයිද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top