ලබන ජූලි පළමු වැනිදා සිට බස් ගාස්‌තු සංශෝධනයක් සිදුවිය හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය අනාවරණය කර සිටියි. ඒ අනුව 6 % ත් 6.5 % ත් අතර ප්‍රතිශතයකින් බස් ගාස්තු ඉහළ යා හැකි අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.