SRILANKAN NEWS

ලසන්තව ඝාතනය කළේ මම – ලිපියක් ලියා බුද්ධි අංශ නිළධාරියකු දිවි නසා ගනී

GTN SPECIAL NEWS 03 විශේෂප්‍රවීන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙළේ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින යුද හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම හෙවත් ආනන්ද උදලාගම නමැත්තා නොව තමා යැයි සඳහන් ලිපියක් ලියා තබා යුද හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු ඊයේ (14) අලුයම ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබේ.

කෑගල්ලේ කරඬුපානේ දෙහිපිටිය පාරේ පදිංචි එදිරිසිංහ ජයමාන්න නමැති 51 හැවිරිදි තිදරු පියෙක් සිය නිවසේ කුස්සියේ බාල්කයක මෙසේ ගෙල වැල ලාගෙන මිය ගොස් තිබේ.

මොහු යුද හමුදාවේ විශ්‍රාමික බලයලත් නිලධාරී වරයෙක් බවත් ඔහුගේ බිරිඳ විදේශ ගතව සිටින බවත් වාර්තා වේ.

ලසන්ත ඝාතනය කළේ තමන් බවත්, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින බුද්ධි අංශ නිලධාරියා වන මලින්ද උදලාගම නිදහස් කරන ලෙසත් මෙම ලිපිය බුද්ධි අංශයට භාරදීමට කටයුතු කරන ලෙසත්, ඔහු එම ලිපියෙන් ඉල්ලා ඇති බව පොලීසිය සඳහන් කරයි.

පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහරෝහලේදී සිදුකර තිබේ. පසුගිය 2009 ජනවාරි මස 8 වන දින ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පත්වුණි.

– Global Tamil News – Sinhala