පුන්කුඩුතිව් දැරිය ඝාතන නඩුව ලබන 28වනදාට කල් තබයි..

යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේදී සිවලෝගනාදන් විද්‍යා සිසුවිය අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්‍ධ නඩුව ලබන 28 වනදාට කල් තබා තිබේ.

අද දින පෙරවරු 9.30ට යාපනය මහධිකරණයේදී විනිසුරු බාලේන්ද්‍රන් සසමහේන්ද්‍රන් මහතා ඇතුළු අන්නලිංගම් ප්‍රේමසංකර්, මානික්කවාසකර් ඉලන්චෙලියන් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ නඩුව විභාග කෙරුණි. එහිදී දැරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්‍ධ සැකකරුවන් 9 දෙනා අධිකරණයට ඉදිරිපත් කළ අතර, නඩුව ඉදිරි විභාග කටයුතු ලබන 28, 29, 30, 3, 4, සහ 5 යන දිනවල සිදුකරන බවට විනිසුරුවරුන් ප්‍රකාශ කළෝය.

Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top