රතුපස්වල වෙඩි තැබීම අපරාධයක් : අධිකරණය තීරණය කරයි

court- නියෝග- අධිකරණය01පිරිසිදු පානීය ජලය ඉල්ලා පසුගිය 2013 වර්ෂයේ අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය, රතුපස්වල ප්‍ර දේශයේ ජනතාව සිදුකළ උද්ඝෝෂණයේදී රජයේ ආරක්ෂක හමුදා සිදුකළ වෙඩි තැබීම හා ඉන් තිදෙනෙකු මිය යාම අපරාධයක් බව ගම්පහ අධිකරණ මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය ඊයේ (14) තීරණය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ භාරයට ගත් ටී56 ගිනි අවි 98ක් රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉන් ගිනි අවි 3ක් වෙඩි තැබීමට යොදා ගත් ඒවා වන අතර, මිය ගිය පුද්ගලයින් අතරින් දෙදෙනෙකු මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවත්, එක් අයෙකු මියගොස් ඇත්තේ පහරදීමකින් බව අනාවරණයවී තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top