මහියංගන මුස්ලිම් වෙළඳසැල්වලට ජාතිවාදීන්ගෙන් තර්ජන!

මහියංගන ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ වෙළඳසැල්වලට ජාතිවාදීන් විසින් තර්ජනාත්මක ලෙස අනතුරු ඇඟවීම සම්බන්‍ධයෙන් පොලීසියට කළ පැමිණිල්ලකින් අනතුරුව විමර්ශණ කටයුත ආරම්භ කර තිබේ.

මේ අතර, මහියංගන නගරයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත් පාවහන් වෙළඳසැලකට පසුගිය සිකුරාදා දින රාත්‍රී නාඳුනන පිරිසක් විසින් ගිනි තබා විනාශ කිරීමෙන් අනතුරුව මහියංගන නගරයේ මුස්ලිම් ව්‍යාපාරිකයන් භීතියට පත්ව සිටිති. තම ව්‍යාපාරික ස්ථානවලට ද අනතුරක් සිඳුවිය හැකි බැවින් පොලිස් ආරක්‍ෂාව ලබා දෙන්නැයි කළ ඉල්ලීමකට අනුව මහියංගන නගරයට විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ද ලබාදී තිබේ.

මහ ජාතික පුද්ගලයෙකු විසින් මුස්ලිම් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට ‘මොනවද වෙන්නේ කියලා බලාගන්න, මෙහි තිබෙන රෙදිපිළි වෙළඳසැල් ඇතුළු සියල්ලටම මේ දේ තමයි සිඳුවන්නේ‘ යැයි තර්ජනය කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්‍ධයෙන් මුස්ලිම් ව්‍යාපාරිකයෙකු විසින් මහියංගන පොලීසියට පැමිණිළි කර තිබේ. සැකකරුගේ තොරතුරු පොලීසියට ලබාදීමෙන් අනතුරුව ඊයේ (11) දින දහවල් පොලීසිය විසින් සැකකරු සහ පැමිණිළි කළ පුද්ගලයාවද පොලීසියට කැඳවා ප්‍රශ්ණ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top