SRILANKAN NEWS

කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙහි වැව් ප්‍රතිසංස්කරණයට මුදල් වෙන් කරයි..

කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙහි පිහිටි කුඩා වැව් ප්‍රතිසංස්කරණය සඳහා මුදල් වෙන් කර ඇති බව වාර්තාවේ. ඒ අනුව කෘෂිකර්ම සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම යටතේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙහි නැවැත පදිංචි කිරීමේ අමාත්‍යංශය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, රුපියල් මිලියන 100ක වියදමින් වැව් 39ක් ප්‍රතිසංස්කරණය කිරීමට ද නියමිතය.

එම මුදල් යටතේ ගොවිජන සේවා මධ්‍යස්ථාන යටතේ තිබෙන වැව් 39ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බව දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය විසින් දැනුම් දී තිබේ.