මහින්ද රාජපක්‍ෂගේ රියදුරු අත්අඩංගුවට

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ලෙස සේවය කළ යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන නැමැත්තා අද (13) පොලිස් මූල්‍ය අපරාධ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් රජයේ ඉඩමක අනවසරයෙන් ගල් කොරියක් පවත්වාගෙන යාමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමෙන් අනතුරුව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඔහුව ලබන 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top