තැපැල් වැඩවර්ජනය දෙවන දිනටත් ක්‍රියාත්මකයි

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද (14) දෙවන දිනටත් ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

පසුගිය 12 වනදා මධ්‍ය රාත්‍රියේ සිට ආරම්භ කළ වැඩවර්ජනය සඳහා මෙතෙක් නිසි පිළිතුරක් අදාළ බලධාරීන්ගෙන් ලැබී නොමැති බව එහි වෘත්තීය සමිති නායකයෝ පවසති.

තැපැල් සේවකයන්ගේ පැය 48ක වැඩවර්ජනය හේතුවෙන් මේ වනවිට තැපෑලේ ලිපි ලක්ෂ ගණනක් ගොඩගැසී ඇති ඔවූහු සඳහක් කරති.

තම වෘත්තීය ගැටළුවලට විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී අඛන්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ වැඩිදුරටත් අවධාරණය කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top