නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි නම් ජනතාව මෙම රජයත් ප්‍රතික්‍ෂේප කිරීමේ තත්වයක් ඇති විය හැක..

රට තුළ නීතිය හා සාමය ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය අපොහොසත් වන්නේ නම් අනාගතයේදී මෙම ආණ්ඩුව ද ජනතාව ප්‍රතික්‍ෂේප කිරීමේ තත්වයක් ඇති විය හැකි බව පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.

කොළොන්නාව ප්‍රදේශයේ ගංවතුරින් විපතට පත්වූ පාසල් සිසුන්ට අධ්‍යාපනය උපකරණ ලබාදීමේ උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

නීතිය හා සාමය ස්ථාපිත කිරීම සඳහා ජනතාව ප්‍රජාතාන්ත්‍රිකව මෙම යහපාලන රජය පත් කළා, වසර දෙකක් අවසන්වූ තත්වයක ස්ථාපිත කළ ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටිලද නැතිනම් නීතිය හා සාමය ස්ථාපිත කළ යුතු ආයතන අක්‍රිය වී ඇතැයිද සැකයක් මතුවී තිබෙනවා. දිනපතා ව්‍යාපාරික ස්ථානයක් හෝ ආගමික ස්ථානයකට ගිනි තබනවා, එවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිඳුවූ පසු පරීක්‍ෂණ කටයුතු සිදු කිරීමට පෙරම විදුලි කාන්දුවක් නැතිනම් රක්‍ෂණ වන්දි මුදල් ලබා ගැනීමට හිමිකරුවන් විසින්ම මෙලෙස සිදුකර ඇති බවට නීතිය ක්‍රියාත්මක කළ යුතු ආයතන පවසනවා.

ඇත්තෙන්ම රජයට හෝ පොලීසියට මෙවැනි සිඳුවීම් මැඩපැවැත්වීමට නොහැකි නම් පසුගිය රජයට සිඳුවූ දෙය මෙම රජයටත් සිඳුවිය හැකි බව මරික්කාර් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top