SRILANKAN NEWS

චෝදනා සියල්ල ප්‍රතික්‍ෂේප කරනවා – උතුරු පළාත් කෘෂිකර්ම ඇමැති

උතුරු පළාත් ඇමැතිවරුන් පිළිබඳ පරීක්‍ෂණ වාර්තාව සම්බන්‍ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ සැසිය අද දින කයිතඩි ප්‍රදේශයෙහි පිහිටි උතුරු පළාත් සභා ගොඩනැගිල්ලදී පෙරවරු 10ට ආරම්භවුණි.

එහිදී උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටී. කුරුකුලරාසා තම පාර්ශවයේ ප්‍රකාශය ලිඛිතව මහ ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළේය. තවද තමන්ට එරෙහි චෝදනා සියල්ල ඒකාබද්ධ වගකීමක් සහිත චෝදනා බවත්, එය අමාත්‍යංශ තීරණවලට සම්බන්‍ධ චෝදනා බවද පවසා සිටියේය.

අනතුරුව උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පුන්නුතුරෙයි අයින්ගරනේෂන් තමන්ට එල්ලවූ චෝදනා 10 තරයෙන්ම ප්‍රතික්‍ෂේප කරන බවට සිය ප්‍රකාශය ඉදිරිපත් කළේය. තවද මෙම අමාත්‍ය ධූරය මහ ඇමැතිවරයා විසින් ලබාදුන් අතර, ඔහුගේ තීරණය හිසාා නමා පිළිගැනීමට සූදානම් බවද ඔහු පවසා සිටියේය.