ලන්ඩන් නුවර ඇතිවූ ගින්නකින් මරණ රැසක්..

අඟහරුවාදා (ජුනි 13) රාත්‍රී බටහිර ලන්ඩනයේ තට්ටු නිවාසයක පැතිර ගිය ගින්නෙන් පුද්ගලයන් ගණනාවක් මරණයට පත්ව ඇති බව අගනුවර ගිනි නිවන හමුදාව භාර කොමසාරිස්වරයා පවසයි.

උතුරු කෙන්සිංටන් ප්‍රදේශයේ පිහිටි ග්‍රේන්ෆෙල් ගොඩනැගිල්ල වෙලාගත් ගින්නට එහි සිටි පුද්ගලයින් කොටුවී ඇති බව එහි තත්ත්වය ඇසින් දුටුවෝ පැවසුහ.

පුද්ගලයින් සිය ගණනක් පදිංචිව සිටියේ යැයි සැළකෙන එම ගොඩනැගිල්ලේ ගින්න මැඩ පැවැත්වීම සඳහා 200 ට අධික ගිනි නිවීම් භටයින් යෙදවිණි. පනස් දෙනකුට අධික පිරිසක් අවට රෝහල්වල ප්‍රතිකාර ලබති.

ලන්ඩනයේ වේලාවෙන් බදාදා උදැසන 4 පමණ වනවිට පොලිසිය සඳහන් කර තිබුනේ ගොඩනැගිල්ලේ සිටි නේවාසිකයින් ඉන් ඉවත් කෙරෙමින් සිටින බවය. ඇතැමුන් පැවසුවේ ගොඩනැගිල්ල තුළ කොටුවී යැයි සැළකිය හැකි පුද්ගලයින් කවුළු අසළට පැමිණෙන අයුරු දැකිය හැකි වූ බවය.

එය කඩා වැටේ යැයි බියමහල් විසිහතරකින් යුතු ගොඩනැගිල්ල මුළුමනින්ම පාහේ ගින්නෙන් වෙලුනු අතර එය කඩා වැටේ යැයි බිය පළවී තිබේ.

“අතිශය අසීරු තත්ත්වයක් යටතේ ගින්න පාලනය කරගැනීමට ගිනි භටයින් දැඩි පරිශ්‍රමයක යෙදී සිටිනවා ” යැයි ලන්ඩන් ගිනි නිවීම් සේවයේ සහකාර කොමසාරිස් වරයා පැවසීය.

කෙන්සිංටන් හා චෙල්සී නාගරික සභාවට අනුව අනතුරට පත් මහල් විසිහතරකින් යුතු ගොඩනැගිල්ල නිවාස ඒකක 120 න් සමන්විත විණි. පවුම් කෝටියක් වැය කරමින් ක්‍රියාත්මක වූ එහි අලුත්වැඩියාව නිම වුයේ පසුගිය වසරේදීය.

– බීබීසී සිංහල –

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top