රතුපස්වල නඩුව වාර්තා කළ මාධ්‍යවේදියෙකුට නොතීසි

පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ප්‍ර දේශවාසීන්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂිකරුවන්ට අපහාසාත්මක හා තර්ජනාත්මක වන අයුරින් වාර්තා කිරීමේ චෝදනාව යටතේ “දිවයින” මාධ්‍යවේදි සමන් ගමගේ මහතා අධිකරණය හමුවට කැඳවීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කර තිබේ.

අදාළ නඩුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා හමුවේ අද කැදවූ අවස්ථාවේදී නඩුවේ සාක්ෂිකරුවන්ට අපහාසාත්මක හා තර්ජනාත්මක වන අයුරින් වාර්තා කිරීමේ සිද්ධියකට අදාළව අපරාධ වින්දිතයන් හා සාක්කිකරුවන් ආරක්ෂා කිරිමේ පනත යටතේ මාධ්‍යෙව්දීයකු අධිකරණයට  ගෙන්වන ලෙස රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

 “දිවයින” මාධ්‍යවේදි සමන් ගමගේ මහතාට මිට පෙර අවස්ථා කිපයක දීම අධිකරණයෙන් අවවාද කර ඇත.

ඒ අනුව එම මාධ්‍යවේදියාට අධිකරණයේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළේය.

සිද්ධියට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව්දෙනා ලබන 28 වැනි දා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top