චෝදනා එල්ලවූ උතුරු පළාත් ඇමැතිවරුන්ට සිය කැමැත්තෙන්ම ඉල්ලා අස්වන ලෙසට නියෝග

උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය ටි.කුරුකුලරාජාට හා උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍ය පි.ඓන්ගරනේෂන්ට ස්ව කැමැත්තෙන්ම සිය අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වන ලෙසට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්, අදාළ අමාත්‍යවරුන් වෙත අද (14) නියෝග කරනු ලැබුවා.

හෙට (15) දින මධ්‍යහන 12ට පෙර තම ඉල්ලා අස්වීමේ ලිපිය භාර දිය යුතුයැයි අවධාරණය කර තිබේ. මේ අතර, උතුරු පළාත් සභා අමාත්‍යවරුන් සම්බන්‍ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට අවසර නොදීම හේතුනේ පළාත් සභාවේ විපක්‍ෂ නායක සි. තවරාසා මහතා සහභාවෙන් පිටත්ව ගොස් තිබේ. මේ සම්බන්‍ධයෙන් මහ ඇමැතිවරයාට තම අදහස් ප්‍රකාශ කිරීමට සභාපතිවරයා අවස්ථාව ලබාදීමෙන් එයට විරෝධය පළ කරමින් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ද පළාත් සභාවෙන් පිටතට පැමිණියහ.

අනතුරුව විග්නේෂ්වරන් තම අදහස් ප්‍රකාශ කළ අතර, අදාළ ඇමැතිවරුන් දෙදෙනා තමන් විසින්ම ඉදිරිපත්වී ඉල්ලා අස්වීමේ ලිපිය භාරදිය යුතු බවත්, චෝදනා ලැබූ අනෙකුත් අමාත්‍යවරුන් වන පා. ටෙනීස්වරන් සහ ප. සත්‍යලිංගම් යන දෙදෙනාට එරෙහි විමර්ශණ කටයුතු තවඳුරටත් පවත්වාගෙන යන බවද පවසා සිටියේය.

සභාව ලබන 22 දා දක්වා කල් තබා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top