තැපැල් වර්ජනය අවසන්, ලබන 26ට පෙර විසදුමක් නැතිනම් යළි වර්ජනයක්

මහනුවර, නුවරඑළිය සහ ගාලු කොටුව තුළ පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් තැපැල් කාර්යාල, සංචාරක හෝටල් ඉදි කිරීම සඳහා විකිණීමට රජය විසින් ගෙන තිබෙන තීරණයට විරෝධය පළකරමින් තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් පසුගිය 13 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන ලදී.

අදාළ ගැටළුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වන ලද අතර ඒ අනුව ලබන 26 වනදා වනවිට නිසි විසඳුමක් නොලැබුණහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top