දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් නැගෙනහි පළාත් හිටපු මහ ඇමැති සිවනේසතුරයි චන්ද්‍රකාන්දන් හෙවත් පිල්ලයාන් නිදහස් විය හැකි බවට කොළඹ පුවත් මාධ්‍යක් විසින් තොරතුරු පළ කර තිබේ.
ජෝසෆ් පරරාජසිංගම් ඝාතනය සම්බන්‍ධයෙන් පිල්ලයාන් ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩුවක් ද ගොනු කර තිබේ. කෙසේ නමුත් මෙම ඝාතන සිද්ධිය සම්බන්‍ධයෙන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. ඉකුත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නොහැකිවුයේ නම් පිල්ලයාන් ඇතුළු පිරිස නිදහස් කිරිමට සිදුවනු ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන බව ඉකුත් මාධ්‍ය විසින් පෙන්වාදී තිබේ.
ප්‍රධාන සැකකරුවන්ගේ සැබෑ නම පවා නොදන්නා තත්වයක ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ අපහසුතාවයක් ද පවතියි.