SRILANKAN NEWS

ජාතිවාදී ප්‍රකාශවලට එරෙහිව විමර්ශන පවත්වනවා – පොලීසිය

ආගම් හා ජාතීන් අතර සංහිදියාව බිඳදමන ප්‍රකාශවලට එරෙහිව විමර්ශන සිදු කරනවාආගමික සංහිදියව, ජාතීන් අතර පවතින සංහිදියාව බිඳ දමන ප්‍රකාශවලට එරෙහිව විමර්ශන සිදු කිරීමට බලාපොරොත්තුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

සංහිදියාව බිඳින කුමන ආකාරයේ ප්‍රකශයකට වුවද විමර්ශන සිදු කෙරෙන බවත් නීතිපතිවරයාගේ උපදෙස්වලින් පසුව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රියන්ත ජයකොඩි මහතා පැවසී ය.

කුරුණෑගල ඇතිවූ සිදුවීමට සම්බන්ධ පුදගලයින් හතරක් අත් අඩංගුවට ගෙන තිබෙන බවද කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පසුගිය දිනවල ඇතිවු සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් 14 දෙනෙකු අත් අඩංගුවට ගෙන සිටින බවත් එම පිරිස් අතර බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකරී පිරිස් සිටින බවද සඳහන් කළේ ය.