SRILANKAN NEWS

වත්මන් රජය යටතේ මුස්ලිම් ජනතාවට අගතියක් නැහැ – සෞඛ්‍ය ඇමැති

මුස්ලිම් ජනතාවට අගතියක් නෑ - සෞඛ්‍ය ඇමැතිවත්මන් රජය යටතේ මුස්ලිම් ජනතාවට අගතියක් සිදු නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
කොහිලවත්ත අල් ඉබ්‍රායිම් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේ ඉෆ්තාර් උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මෙම උත්සවය අමාත්‍යවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
“ජනතාව කුසගින්නේ සිටීම පිළිබඳව ප්‍රායෝගික ඉගැන්වීමක් ඉස්ලාම් ආගමෙි හඳුන්වා දී තිබෙනවා. රාමසාන් උපවාස සමයේ සිදු වන්නේ එයයි. අන්ත ධනපතීන් රාමසාන් උපවාස සමයේ බඩගින්න මොකක් ද කියලා හඳුනා ගන්නවා. දුප්පත් මිනිසා බඩගින්නේ ඉන්නකොට කොතරම් අමාරු ද කියලා දනපතීන් හඳුනාගන්නවා මහමද්තුමා තමන්ට තේරෙන විදිහට ප්‍රායෝගිකව එය අර්ථකථනය කර දිම ඉතාම වැදගත්. මුස්ලිම් ජනතාව රමසාන් මාසය තුළ රාමසාන් උපවාසය අකුරටම ක්‍රියාත්මක කරනවා. ප්‍රතිපත්ති කඩ නොකර ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් එය සිදු කරන අයුරු මෙම මාසය තුළ දැකබලා ගන්න පුළුවන්. දුප්පත් මිනිසුන්ට ආගම, ධර්මය නිසා නොව ආර්ථීක ගැටලු හේතුවෙන් බඩගින්නේ සිටිමට සිදුව තිබෙනවා. තමන්ගේ කෑමවෙිල හරි පරිත්‍යාග කර බඩගින්නේ සිටින දුප්පතුන්ගේ කුසගින්න නිවිය යුතුයි. මානව සංහතිය, අවිහිංසාව සහ සාමය මුලික කර ගනිමින් තම ජීවිතය ඉදිරියට ගෙන යා යුතුයි” යැයි ද කීය.
“පසුගිය කාලයේ දී මුස්ලිම් ජනතාව විරසකයට පත් වුණා. තමන් අදහන ආගමට ගරුත්වයක් ලබාදෙනවා මෙන් අනෙක් ආගම්වලට ද ගරු කළ යුතුයි. මුස්ලිම් ජනතාවට ප්‍රශ්න තිබෙන්න පුළුවන්. මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිට මම ඊට වඩා ප්‍රශ්නවලට මුහුණ දුන්නා. බෙිරුවල ප්‍රදේශයේ මම විසින් ගොඩනගන ලද ජාතීන් අතර සමගිය කාලකණ්නි පිරිසක් විසින් විනාශ කළා. ඔවුන්ට අවශ්‍ය ගොඩනැගිලි හදා දුන්නත්, හිත හදා දෙන්න බැරි වුනා. එම සිද්ධියෙන් කී දෙනෙක් අන්තවාදී වුනා ද කියලා මම දන්නේ නැහැ. වත්මන් රජය යටතේ මුස්ලිම් ජනතාවට එරෙහිව කවුරු ක්‍රියා කළත් එම අභියෝගවලට මුහුණ දී රජය ඔබලා ආරක්ෂා කරනවා. මුස්ලිම් ජනතාවට එරෙහිව ක්‍රියා කළ පුද්ගලයින්ට දඬුවම් ලබාදෙනවා. එවැනි සිදුවීම් ඉදිරියේ දී ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ.” යැයි ද කීය.
මෙම අවස්ථාවට අමීර් අලී, හසන් අලී, මුඛඡි රහුමාන් යන පාර්ලිමෙින්තු මන්ත්‍රීවරුන් ද, දේවස්ථානයේ දායක සභාවේ සභාපති මොහොමඩ් පසීම්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි යන මහත්වරුන් ද එක්ව සිටියහ.