පාලන්කුලම් ගොවි බිම්වලින් වැලි ගොඩදාන බවට පැමිණිල්ලක්..

මුල්ලතීව්, තුනුක්කායි, පාලන්කුලම්හි ගොවි බිම්වලින් දිගින් දිගටම වැඩි ගොඩ දාන බවට ආරෝකියපුරම් ප්‍රදේශවාසීන් විසින් තුනුක්කායි ප්‍රාදේශිය ලේකම්වරයා වෙත පැමිණිළි කර තිබේ.

ගොවි බිම්වලින් වැලි ගොඩ දැමීම හේතුවෙන් ඉදිරි කාලයේ ගොවිතැන් කටයුතු සිදු කිරීමට නොහැකි වනු ඇති බවත්, මෙලෙස වැලි ගොඩදැමීම නිසා ආරෝකියපුරම් සිට කිලිනොච්චිය ස්කන්දපුරම් දක්වා වූ ප්‍රවාහන කටයුතු ද අඩාලවී ඇති බව පැවැසේ.

පසුගිය වසර පහක සිට මෙලෙස වැලි ගොඩ දමන බවත්, එම වැලි ට්‍රපර් රථවලින් යාපනය ඇතුළු පිට පළාත්වලට ගෙන යන බවද පෙන්වාදී තිබේ. පාරිසරික ආරක්‍ෂාව උදෙසා මෙම වැලි ජාවාරම වහාම නවතා දමන්නයි ප්‍රදේශවාසීන් පැමිණිළි කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top