ආගමික නායකයන් සහ විග්නේෂ්වරන් අතර සාකච්ඡාවක්

උතුරු පළාත් සභාවේ ඇති වී තිබෙන අර්බුදකාරි තත්වය සමතයට පත්කිරීමේ අරමුණින් යාපනය දිස්ත්‍රික්ක රදගුරු ඥානප්‍රකාසම් පියතුමන් සහ නල්ලයි ආදීනම් පූජකතුමන් උතුරු පලාත් මහ ඇමැතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ.

උතුරේ පවතින තත්වය ගැන තම ස්ථාවරය ඇතුලත් සන්දේශයක් ද භාරදී ඇති ආගමික නායකයන්, මහ ඇමැතිවරයා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද වාර්තාවේ.

මේ අතර, ඊයේ දින තමිලරසු පක්‍ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් නල්ලයි ආදීනම් සහ යාපනය දිස්ත්‍රික්ක රදගුරුවරයා ද හමුවී සාකච්ඡා කර තිබීමද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top