තිස්සට විදෙස් ගතවීමට අවසර ලැබේ!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාට විදෙස් ගතවීම වළක්වාලමින් පනවා තිබු නියෝගය තාවකාලිකව. අත්හිටුවීමට කොළඹ මහාධිකරණය අද (20) තීරණය කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන තම දියණියගේ සුවදුක් විමසීම සඳහා තමන්ට විදෙස් ගතවීමට අවසර ලබා දෙන ලෙස තිස්ස අත්තනායක මහතා විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීම සලකා බලමින් අධිකරණය විසින් ඉහත නියෝගය ලබා දී ඇති බව වාර්තාවේ.

ඒ අනුව මෙම මස 23 වන දින සිට ලබන මස 12 වන දින දක්වා කාලය තුළ ඔහුට විදෙස් ගත විමට අවසර ලබාදීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම්කළුආරච්චි මහතා නියෝග කළ බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top