විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස්කර ගන්නවා – මාවයි සේනාදිරාජා

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වෙත අප මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව යළි ලබා ගැනීම සම්බන්‍ධයෙන් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව තමිලරසු පක්‍ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා පවසයි.

යාපනයේ පිහිටි තමිලරසු පක්‍ෂ කාර්‍යාලයේ අද දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

උතුරු පළාත් මහ ඇමැති සහ තමිලරසු පක්‍ෂ මන්ත්‍රීවරුන් අතර ඇති වූ අර්බුදකාරි තත්වය සමතයට පත්කර ඇති බවත් එහි ඉදිරි වැඩ කටයුතු ගැන ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡා කර විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇති බවද පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top