SRILANKAN NEWS

අධිකරණයට භාරවූ ඥානසාර හිමියන්ට ඇප

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද(21) පෙරවරුවේ බාරවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. ඒ අනුව ඥානසාර හිමියන්ට නිකුත් කර තිබූ වරෙන්තු ආපසු කැදවීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. ඥානසාර හිමියන්ට එරෙහි නඩුව ලබන අගෝස්තු 10 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතයි.