සියම් නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥනරතන හිමියනි විසින් ඊයේ (20) නිකුත් කරන ලද විශේෂ නිවේදනය පිළිබදව කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ප්‍රකාශයක් සිදුකරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ අද (21) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.