විපතට පත්වූ කළුතර ජනතාවට සහන සැලසීමට මිලියන 260.5ක්

පසුගියදා ඇති වු ගංවතුර හා නායයෑම් නිසා විපතට පත් කළුතර දිස්ත්‍රික්කයේ  ජනතාවට සහන සැලසීම සඳහා රජය විසින් මේ වන විට රුපියල් මිලියන 260.5 ක මුදලක්  වැය කර තිබේ.
මැයි මස 26,27,28 යන තෙදින සඳහා පිසු ආහාර  ලබාදීම වෙනුවෙන් රුපියල් මිලියන 173 ක් ද,  සතියකට වියලි සලාක ලබාදීම සඳහා රුපියල් මිලියන71ක මුදලක් ද වැයකර ඇත.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 14 තුළ පිහිටි ග්‍රාම නිලධාරි වසම් 427 ක පවුල් 51256 ක්   ගංවතුර හා නායයෑම් නිසා විපතට පත් වූහ. මෙම ආපදාව හේතුකොටගෙන මිය ගිය පුද්ගලයන් 66 දෙනා සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් රුපියල් මිලියන 6.6 ක් වන්දි  මුදලක් ඔවුන්ගේ ඥාතින් වෙත පිරිනමා ඇත.
ජාතික ස්වාභාවික ආපදා රක්ෂන ආවරණ වැඩසටහන යටතේ නිවාස හා ගෘහඋපකරණ හානි සඳහා රුපියල් 10000 ක අත්තිකාරම් වශයෙන් තවත් රුපියල් මිලියන 9.9 ක මුදලක් ආපදාවට ලක් වූ ජනතාව වෙනුවෙන් මුදා හැර  තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top