යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හා විදේශ ඇමැති අතර හමුවක්

යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති (TUNG – Lai Maruge ) තුංග් ලායි මාර්ග් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් ඊයේ (20) විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

GSP + සහනය ක්‍රියාත්මකවීමට අදාළ ප්‍රගතිය පිළිබඳව මෙහෙදී සාකච්ඡාවට ලක් විය. නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස රවී කරුණානායක මහතාට සුභ පැතුම් එක් කළ තුංග් ලායි මාර්ග් මහතා ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සහය ලබා දීමට යුරෝපා සංගමය සුදානම් බවද කීය.

මෙහිදී, අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට යුරෝපා සංගමය ලබා දෙන සහය අගය කරන බවයි. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මඟ පෙන්වීම මත රට සියලු අංශයන්ගෙන් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට හැකි වී ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top