නීති විරෝධී උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණ නියෝගයක්

නීති විරෝධී උද්ඝෝෂණ තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය , වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය , අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය අද කොටුව ප්‍රදේශයේදී විරෝධතාවක් පැවැත්වීමට සූදානම් බවට කොටුව පොලීසිය කළ ඉල්ලීමකට අනුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.

අදාළ සංවිධායකයින්ට සාමකාමී ලෙස උද්ඝෝෂණ පැවැත්වීමට හැකි නමුත් මහජන පීඩාවක් සහ ආරක්ෂාවට බාධාවක් වන ලෙස විරෝධතා පැවැත්වීම මේ අනුව තහනම් වනවා. කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ තුන්දහසක පිරිසක් උද්ඝෝෂණයට සූදානම්ව සිටින බව දැනගන්නට ලැබී ඇති බවයි. ඔවුන්ට කොටුව දුම්රිය ස්ථානයේ උද්ඝෝෂණ සදහා වෙන් කළ කොටසේ සිට උද්ඝෝෂණ පැවත්විය හැකි බවත් සන්දේශයක් භාරදීමට අවශ්‍ය නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු ඒ සදහා යොමුකළ හැකි බවත් පොලිස් ස්ථානාධිපතිවරයා කියාසිටියා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top