දුම්රිය වර්ජනය කල් යයි, අද විශේෂ සාකච්ඡාවක්

අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකින් පසු තමන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වර්ජනය පැය 24 කින් තාවකාලිකව කල් දැමූ බව ලංකා දුම්රිය නියාමක සංගමය අවධාරණය කර සිටියි. අද (21) පෙරවරුවේදී සිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොෙරාන්දු වීම නිසා මෙම වර්ජන ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටවූ බවත් මෙම තීරණාත්මක සාකච්ඡාවේදී තම වෘත්තීය ඉල්ලීම්වලට නිසි විසඳුමක් නොලැබුණහොත් යළි වර්ජනයක්‌ කරා යොමු වන බව ද ලංකා දුම්රිය නියාමක සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top