ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම්

ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිවනු ඇති බව ලෝක ක්‍රිකට් සම්මේලනය ප්‍රකාශ කර තිබේ. පසුගිය (22) පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීමේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම පූර්ණ සාමාජිකයන් ලෙස ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය පිළිගනු ලැබීමත් සමග මෙලෙස ටෙස්ට් වරම් හිමිව තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් සභාව මීට පෙර  පූර්ණ සාමාජිකත්වය සඳහා රටක් ඇතුළත් කරගත්තේ වසර 17 කට පෙරයි. ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිවීමත් සමග ලෝකයේ ටෙස්ට් වරම් හිමි රටවල් සංඛ්‍යාව ඒ අනුව 12 දක්වා ඉහළ යනු ඇති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top