SRILANKAN NEWS

රක්වානේ සිඳුවූ ආරවුලකින් පුද්ගලයෙකු මරුට

රක්වාන – කොහොඹකන්ද ප්‍රදේශයේ දී පිහියකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පෞද්ගලික අමනාපයක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවත්, තුවාල වූ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය ජීවිතක්ෂයට පත්ව ඇති බවද වාර්තාවේ.

මියගොස් ඇත්තේ රක්වාන ප්‍රදේශයේ පදිංචිව සිටි තිස් පස්35 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඝාතනය සිඳුකළ අදාළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබේ. මෙම සිද්ධියෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් පිරිසක් ඝාතනය සිදු කළ සැකකරුගේ නිවසට ගිනි තබා ඇති බවද වාර්තාවේ. පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.