ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ග්‍රැහැම් පෝට් ධූරයෙන් ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී තිබෙනවා.

56 හැවිරිදි දකුණු අප්‍රිකානු ජාතික ග්‍රැහැම් ෆෝර්ඩ් මීට පෙර 2012 සිට 2014 වසර දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

පසුගිය ජනවාරි මස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ භාරගත් ග්‍රැහැම් ෆෝර්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග 2019 වසරේ එංගලන්තයේ පැවැත්විමට නියමිත ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තෙක් ගිවිසුම්ගතව සිටියේය.

ග්‍රැහැම් පෝට්ගේ ඉල්ලා අස්වීම භාර ගත් බව ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ද පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top