SRILANKAN NEWS

අවසන් යුද්දය පැවැති ප්‍රදේශයේ මාර්ගය අලුත්වැඩියා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්..

අවසන් යුද්දය පැවැති මුල්ලතීව් මුහුදුබඩපත්තුව, මාත්තලන්, වලයිචර්මඩම්, අම්බලවන්පොක්කනයි යන ප්‍රදේශවල ප්‍රධාන මාර්ගය අලුත්වැඩියා කර බස් සේවය ක්‍රියාත්මක කරන ලෙස ඉකුත් ප්‍රදේශවල ජනතාව ඉල්ලා තිබේ.

යුද්දය අවසන් වූ පසු තම ප්‍රදේශවල තිබෙන යුද අපද්‍රව්‍ය ඉවත් කර නොමැති බවත්, පසුගිය වසර හතක කාලයක් ඉකුත් ප්‍රදේශවලට බස් සේවය යොදවා නැති බවද පෙන්වාදී තිබේ. මාර්ග අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙන බවද පවසා තිබේ.

මේ හේතුනේ කි.මී. දහයක දුරින් පිහිටි පුදුකුඩිඉරුප්පු ප්‍රාදේශිය රෝහල, සහ පුදුකුඩිඉරුප්පු නගරයට යෑමටත්, කි.මී. විස්සක දුරින් පිහිටි මුල්ලතීව් නගරයට යෑමටත් දැඩි අපහසුතාවයට මුහුණදීමට සිදුව තිබේ. ඉකුත් ප්‍රදේශවල ප්‍රධාන මාර්ග සියල්ල අලුත්වැඩියා කර තමන්ට ගමනා ගමන පහසුකම් සපයාදීමට අදාළ බළධාරීන් පියවර ගත යුතු යැයි එම ජනතාව ඉල්ලා සිටිති.