සමාජය තුළ යම් අසහනකාරීත්වයක් උද්ගතව ඇත්තේ රටේ නීතිය ක‍්‍රියාත්මක නොවීම නිසා

ජාතික හා සාසනික ගැටළු හමුවේ ඇතැම් සංවිධාන ක‍්‍රියාකළ අපරිණත ස්වරූපය නිසා බුදු සසුනට හානියක් වූ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක නාපානේ පෙමසිරි හිමියෝ උන්වහන්සේගේ අත්සනින් නිකුත් කළ ප‍්‍රකාශයකින් කියා සිටිති.

භික්‍ෂු සමාජය තුළ මෙන්ම සිංහල බෞද්ධ සමාජය තුළ වර්තමානයේදී යම් අසහනකාරීත්වයක් උද්ගතව ඇත්තේ රටේ නීතිය පොදු සාධාරණ ක‍්‍රමවේදයකට අනුව ක‍්‍රියාත්මක නොවීම නිසා බවද උන්වහන්සේ පවසති.

ඊට පසුබිම් වූ එම හේතු නොසලකා භික්‍ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් පිළිකුලින් යුතුව හෙළා දකින බවත් ජාතික හා සාසනික ගැටලු හමුවේ ඇතැම් සංවිධාන ක‍්‍රියාකළ අපරිණත ස්වරූපය නිසාද බුදු සසුනට හානියක් වූ බවත් එම ප්‍රකාශයේ සඳහන් වේ.

එවැනි ගැටලූ හමුවේ ක‍්‍රියාකළ යුත්තේ දේශපාලන පක්‍ෂ හා පුද්ගලයන්ගේ න්‍යාය පත‍්‍රවලට හසුනොවෙමින් හා දුරදක්නා නුවණින් යුතුව ශික්‍ෂිත ස්වරූපයකින් බවද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක නාපානේ පෙමසිරි හිමියෝ වැඩිදුරටත් එහි සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top