ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

තලේමන්නාරමේදී කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් සන්තකයේ තිබී කේරල ගංජා කිලෝග්‍රෑම් 135 යි ග්‍රෑම් 600 ක් සොයාගත් බව ය.

ඊයේ රාත්‍රී කැබ් රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් තලේමන්නාරම පදිංචිකරුවන් වන අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top