අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විනාශ වූ පාසල් ප්‍රතිසංස්කරණය කිරීමට යුනිසෙෆ් සහාය

පසුගියදා ඇති වු අයහපත් කාලගුණ තත්ත්වය නිසා කළුතර, රත්නපුර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල විනාශ වී ඇති පාසල් හා පෙර පාසල් ප්‍රතිසංස්කරණ කිරිමේ වැඩසටහනක් ආරම්භ කිරිමට යුනිසෙප් ( unicef)සංවිධානය සැලසුම් කර ඇත.
අධ්‍යාපන අමාත්‍යංශයේ හා පළාත් අධ්‍යාපන අමාත්‍යංශවල සම්බන්ධීකරණයෙන් හා නෝර්වේ රජයේ  මුල්‍ය දායකත්ව‍යෙන්  මෙම වැඩසටහන ක්‍රියාත්මකවේ. මේ පිළිබද කළුතර දිස්ත්‍රික් මුලික සාකච්ජාව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැත්වුණි.
මේ සඳහා නෝර්වේ තානාපති තෝර්බ්ජොන් ගවුස්ටර්සේතර (Thorbjoin gustadsether) මහතා යුනිසෙප් ශ්‍රී ලංකා නියෝජිත ටිම් සටන් මහතා (Tim Sutton) ඇතුළු නියෝජිත පිරිසක්  සහභාගි වු අතර කළුතර දිස්ත්‍රික් ලේකම් යු. ඩී. සි. ජයලාල් මහතා විසින්  ආපදා තත්ත්වය පිළිබඳ ව කරුණු පැහැදිලි කරන ලදි.
මෙම වාර්තාවට අනුව දිස්ත්‍රික්කයේ පාසල් 133 ක් ගංවතුර හා නායයෑම් නිසා විනාශ වී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top