අරුන්දික ප්‍රනාන්දු FCID කැඳවයි

නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (27) කැඳවා තිබේ.

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පසුගියදා සිදු කළ ජපන් සංචාරය අතරතුර අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා හමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නියෝජ්‍ය අමාත්‍යවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

මිග් යානා ගනුදෙනුවේදි මුල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී සිටින ජාත්‍යන්තර වරෙන්තුකරුවෙකු වන රුසියාවේ හිටපු තානාපති උදයංග විරතුංග සමඟ ජපානයේදි සතුටු සාමිච්චියේ යෙදී සිටින ජායාරුපයක්ද පසුගිය දිනවල මාධ්‍ය වාර්තාවල පල විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top