SRILANKAN NEWS

යාපනය සරසවි සිසුන්ට වෙඩි තැබීමේ සිද්ධිය වසන් කිරීමට ඉහළ නිළධාරීන් උත්සහ කරනවා ද?

යාපනය සරසවි සිසුන්ට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්‍ධයෙන් වහාම තම ඉහළ නිළධාරීන්ට දැනුවත් කළ බව සැකකරුවන් විභාග කිරීම්වලදී පවසා ඇතැයි ඝාතනයට ලක්වූ සිසුන්ගේ දෙමව්පියන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ එම්.ඒ. සුමන්දිරන් මහතා පවසා තිබේ.

පොලිස් වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ බව කියන යාපනය සරසවි සිසුන් දෙදෙනා සම්බන්‍ධ නඩුව අද (27) දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග කෙරුණි. මේ සම්බන්‍ධයෙන් මධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් සුමන්දිරන් මහතා මේ බව පවසා තිබේ.

ඝාතනයට ලක්වූ සිසුන්ගේ දෙමව්පියන්ව මුල්ලතීව් පොලීසිය විසින් විභාග කිරීම සඳහා කැඳවාගෙන යෑම, සාක්‍ෂිකරුවන් සහ වින්දිතයන්ව තර්ජනය කිරීම ගැන අධිකරණයේ අවධානයට යොමු කර තිබුණි. එය ගැන පරික්‍ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා විසින් නියෝග කර තිබුණි. නමුත් අද වන තෙක් ඉකුත් වාර්තාව පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර නැහැ.

මේ අතර, සිද්ධිය සම්බන්‍ධයෙන් අත්අඩංගුවට පත්වී සිටින පළමු සැකකරු විභාග කිරීම්වලදී ඉකුත් සිද්ධිය සම්බන්‍ධයෙන් වහාම ඉහළ නිළධාරීන්ගේ අවධානයට යොමු කළ බව පවසා තිබේ. එනම් ඉහළ නිළධාරීන් සිද්ධිය දැනුවත්ව මෙම සිද්ධිය වසන් කිරීමට උත්සහ කළේ දැයි සැකයක් මතුවී ඇතිවී තිබෙන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

අදාළ නඩුව ලබන 11වනදාට කල් තැබූ මහසේත්‍රාත්වරයා, සැකකරුවන්ව රක්‍ෂිත බන්‍ධනාගාර ගත කරන ලෙස ද නියෝග කර තිබේ.