කිලිනොච්චිය පෙර පාසලේ වහලය සුළඟට ගසාගෙන යයි

අද පෙරවරු 11.30ට පමණ හමා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් උදයනගර් ප්‍රදේශයේ පිහිටි පෙර පාසලක වහලය ගැලවී ගොස් තිබේ. එම අවස්ථාවේ එහි ගුරුවරුන් තිදෙනෙකු සහ සිසුන් 45 දෙනෙකු ද සිටි නමුත් කිසිවකුට හානියක් සිදුව නැති බව වාර්තාවේ.

මෙවැනි තත්වයකදී එම පෙර පාසලට පැමිණි පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රී දරන්, කිලිනොච්චිය දිස්ත්‍රික්ක අපදා කළමණාකරන නිළධාරීන්, සංවර්ධන නිළධාරින් ඇතුළු පිරිස පෙර පාසලේ තත්වය නිරීක්‍ෂණ කර තිබේ. එහිදී ඉකුත් ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සංගමය විසින් ඉකුත් පෙර පාසල ප්‍රතසංස්කරණය කර දෙන බවට සහතිකවී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top