මිරිහාන සංක්රමණික රැඳවුම් කඳවුරේ රඳවා සිටින රෝහින්ග්යා මුස්ලිම් තරුණියක් දූෂණය කළ මිරිහාන රැඳවුම් කඳවුරේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන මෙන් අධිකරණය නියෝග කර තිබේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඊයේ (26) දින නුගේගොඩ අතිරේක මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන බ්රහස්පතින්දා (ජුනි 29) හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තුරු ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.
මිරිහාන සංක්රමණික රැඳවුම් කඳවුරේ රඳවා සිටින රෝහින්ග්යා ජාතික 21 හැවිරිදි තරුණිය අසනීප වී කළුබෝවිල රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සැකකාර කොස්තාපල්වරයා රෝහලට පැමිණ ඇය රැගෙනගොස් තිබෙන බව පැමිණිලිකාරියගේ නීතිවේදියා වන ෂිරාස් නූර්දීන් මහතා අධිකරණයේ පෙන්වාදී තිබේ.
අපරාධය සිදුකළ දින සිට පලාගොස් සැඟව සිටියදී අදාළ කොස්තාපල්වරයාව පසුගිය 24 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.
Add Comment