පාකිස්තානයේ බන්‍ධනාගාරවල සිටින ඉන්දිය ජාතිකයන්ගේ ලැයිස්තුව ඉන්දියාවට භාර දෙයි..

පාකිස්තානයේ බන්‍ධනාගාරවල සිටින ඉන්දිය ජාතිකයන් 546 දෙනෙකුගේ ලැයිස්තුව ඉන්දියාවට ලබාදී තිබේ. පාකිස්තානය සඳහා වූ ඉන්දිය මහ කොමසාරිස් ගෞතම් බම්බාවාලේ මහතා වෙත එම නම් ලැයිස්තුව භාරදී තිබේ.

2008 මැයි 21 වනදා පකිස්තානය සහ ඉන්දියාව අතර අත්සන් තැබූ තානාපති ගිවිසුමට අනුව පාකිස්තානය විසින් එම ලැයිස්තුව ලබාදී තිබේ. එහිදී 494 දෙනෙකු ධීවරයන් වන අතර, අනෙකුත් පිරිස සාමාන්‍ය ජනතාව බව වාර්තාවේ.

එලෙසම ඉන්දිය බන්‍ධනාගාරවල සිටින පාකිස්තාන ජාතිකයන්ගේ ලැයිස්තුවද ඉන්දිය මධ්‍යම රජය විසින් පාකිස්තානයට ලබාදීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top