බංකොලොත් මුස්ලිම් දේශපාලකයන් සහ හෙංචයියන් මට මඩ ගහනවා – බදුර්දීන්

යුද්දය නිසා අවතැන්වූ දෙමළ ජනතාව නැවැත පදිංචි කිරිමට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කිරීම හේතුවෙන් නැවැත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙස සිටි අවසන් කාල වකවානුව තුළ උතුරේ මුස්ලිම් ජනතාව නැවැත පදිංචි කිරීමට නොහැකි වූ බව අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසයි.

පල්ලමඩු – පෙරියමඩු මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

මම නැවැත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේදී මුස්ලිම් ජනතාවගේ නැවැත පදිංචිය කෙරෙහි උනන්දුවක් නොදැක්වූ බවට බංකොලොත් මුස්ලිම් දේශපාලකයන් සහ ඔවුන්ගේ හෙංචයියන් චෝදනා කරනවා, මනුෂත්වය හා හෘද සාක්‍ෂියට ප්‍රමුඛතාවයක් ලබාදීම නිසා තමයි යුද්දයෙන් පීඩාවට පත්වූ දෙමළ ජනතාවගේ නැවැත පදිංචියට ප්‍රමුඛස්ථානයක් ලබාදී කටයුතු කළේ, යුද්දයෙන් හා අවතැන් ජීවිතයෙහි කුරීරු අත්දැකීමක් තිබෙන නිසා දෙමළ ජනතාව මුහුණ දෙමින් සිටින පීඩාව දැක වේදානවට පත්වුනා.. එම නිසා තමයි එම අවස්ථාවේ දෙමළ ජනතාවගේ නැවැත පදිංචිය වෙනුවෙන් කටයුතු කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top