ඉන්දියාව හා රුසියාව අතර අවබෝධතා ගිවිසුම් 16ක්

modi-puttin-300x200ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති විලාදිමිර් බුටින් අතර ඊයේ (15) දින අවබෝධතා ගිවිසුම් 16කට අත්සන් තබා ඇති බව වාර්තාවේ.

08 වන වරටත් පැවැත්වෙන බ්‍රික්ස් – බිම්ස්ටෙක් සමගාමී සමුළුවට සහභාගිවීම සදහා රුසියානු ජනාධිපති විලාදිමිර් බුටින් මහතා ඉන්දියාවට පැමිණ තිබේ.

එම සමුළුව සමගාමීව ඉන්දිය අගමැති සහ රුසියානු ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවේදී ආහාර, ආරක්‍ෂාව, දුම්රිය ඇතුළු අංශ 16ක් පිළිබඳව ගිවිසුම් අත්සන් තබා ඇත. එහිදී ඉන්දිය රුපියල් කෝටි 39 දාහක් වටිනා අධි නවීන මිෂයිල මිලදී ගැනීමේ ගිවුසමකට ද අත්සන් තබා ඇතැයි වාර්තාවේ. ඒ අනුව ඉන්දියා – රුසියාව එක්ව කමෝව් හෙලිකොප්ටර් යානා 200ක් නිෂ්පාදනය කිරීමේ ගිවිසුමක්ද අත්සන් කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් අදහස් ප්‍රකාශ කළ ඉන්දිය අගමැති මෝදි මහතා, ත්‍රස්තවාදය සම්බන්‍ධයෙන් ඉවසීමෙන් නොසිටිය යුතු බවත්, ත්‍රස්තවාදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි යන ඉන්දියාවේ ප්‍රතිපත්තියට රුසියාවද එකඟවී සිටින අතර දේශසීමා එපිට ත්‍රස්තාවදයට එරෙහි තම ක්‍රියා කටයුතුවලට සහාය දැක්වීම සම්බන්‍ධයෙන් රුසියාවට සිය ප්‍රසාදය පළ කරන බව ද පවසා තිබේ.

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top