ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලය මාස හයකින් දීර්ඝ කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ කාලය මාස හයකින් දීර්ඝ කර තිතිබේ. අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ සදහා අනුමැතිය ලබා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස සනත් ජයසූරිය මහතා කටයුතු කරන අතර, රුමේෂ් කළුවිතාරණ, රංජිත් මදුරසිංහ, එරික් උපශාන්ත යන මහත්වරුන් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස කටයුතු කරති. මේ අනුව වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලය දෙසැම්බර් 31වනදා දක්වා ක්‍රියාත්මකයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top