වෛද්‍ය වර්ජනය සතියකින් කල් යයි

හෙට (05) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ අඛණ්ඩ වෛද්‍ය වර්ජනය සතියකින් කල් දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද පැවති විධායක කමිටු රැස්වීමේදී එලෙස තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කර ඇත.

මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැටළුව මුල් කර ගනිමින් වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබුණි. කෙසේ නමුත් එම වර්ජනය සතියකින් කල් තබන බව එම සංගමය පවසා තිබේ.

මේ අතර, හෙටට නියමිත වැඩ වර්ජනය කල් දමන්නැයි කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා තිබීම ද විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top