SRILANKAN NEWS

පසුගිය පාලන සමයේ සිදුවූ අසාධාරණකම්වලට යුක්තිය ලැබිය යුතුයි – මාවයි සේනාදිරාජා

mavai-senathirajah මාවයිපසුගිය පාලන සමයේ සිදුවූ අසාධාරණකම්වලට යුක්තිය ලබාදිය යුතුය, එය හැර හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාබය රාජපක්‍ෂ, හිටපු නාවික හමුදාපතිවරුන් සහ හමුදාව ආරක්‍ෂා කිරීමට ජනාධිපති උත්සහ කළේ නම් දෙමළ ජාතික සන්ධානය එය තරයෙන් හෙලා දැකින බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා මහතා පවසා තිබේ.

හිටපු ආරක්‍ෂක ලේකම් සහ නාවික හමුදා නිළධාරීන්ව පරික්‍ෂණවලට කැඳවීම සම්බන්‍ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනක කළ ප්‍රකාශය සම්බන්‍ධයෙන් අදහස් ප්‍රකාශ කරමින් මාවයි සේනාදිරාජා මහතා මේ බව පවසා තිබේ.

මහපරිමාන වංචා දූෂණ සිදුකළ අපරාධකරුවන්ව ආරක්‍ෂා කිරීම සඳහා ජනතාව ජන්දය නොදුන් බව පවසා ඇති මාවයි සේනාදිරාජා මහතා, ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් සිදු කිරීමේ හේතුව දැන ගැනීමට අවශ්‍ය බව ද පවසා තිබේ.

තවද පසුගිය පාලන සමයේ සිදුවූ සිද්ධීන්වලට යුක්තිය ලබාදීමත් සමඟ ඉදිරියේදී එවැනි සිද්ධීන් සිදු නොවීමේ අපේක්‍ෂාවෙන් දෙමළ ජනතාව ඇතුළු පිරිස ආණ්ඩු වෙනසකට ජන්දය ලබාදුන්හ. මෙවැනි තත්වයකදී ජනතාවගේ විශ්වාසය කඩකරන අයුරින් ජනාධිපතිවරයා කටයුතු නොකළ යුතු යැයි මාවයි සේනාදිරාජා වැඩිදුරටත් පවසා තිබේ.

– Global Tamil News : Sinhala