ඉන්දිය ධීවරයන් අටක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවේ තහනම් පන්න ක්‍රමයක් මගින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ යාත්‍රා 2 ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සහ කෝවිලම් තුඩුවට වයඹ දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

දෛනික මුර සංචාරයෙහි යෙදි සිටි උතුරු නාවික විධානයට සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් වේග ප්‍රහාරක යාත්‍රා මගින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රාද ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත බාරදීමට නියමිත බව නාවික හමුදාව පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top