තෙවන එක්දින තරඟයේදී ලංකාව කඩුලු 8ක ජයක්

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (06 වැනිදා) පැවැති තෙවැනි එක්දින තරගයෙන් සිම්බාබ්වේට එරෙහිව කඩුලු 8 ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුලු අටක් දැවී ලකුණු 310 ක් ලබා ගත් අතර, ජයග්‍රහණය සදහා ලකුණු 311 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකාව ඕවර 47.2 කදී කඩුලු 2 ක් දැවී එම ඉලක්කය සම්පූර්ණ කළේය. එහිදී නිරෝෂන් දික්වැල්ල ලකුණු (102) සහ ධණුෂ්ක ගුණතිලක ලකුණු (116) ක්ද ලබා ගත්හ.

තෙවන තරඟයේ ජයග්‍රහණයත් සමඟ 5කින් යුත් එක් දින තරගාවලියේ තරග 2කට 1කක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටියි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top