SRILANKAN NEWS

මහනුවර ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික ඇසල මංගල්‍ය ලබන 29දා සිට

මහනුවර ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය ලබන 29දා ආරම්භ කෙරෙන බව ශ්‍රී දළඳා මාලිගාව සඳහන් කරයි. ඒ අනුව ලබන24දා පෙරවරු 06.58ට වාර්ෂික ඇසල පෙරහර මංගල්‍ය වෙනුවෙන් සිව්මහ දේවාලවලයන්හි කප් සිටුවිමට සිදුකෙරේ.

නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව්මහ දේවාල පෙරහර සහිතව ප්‍රථම කුඹල් පෙරහර 29දා ආරම්භ ව පුරා දින 05ක් වීදි සංචාරය කෙරේ.

ප්‍රථම රන්දෝලි පෙරහර අගෝස්තු 03දා ආරම්භ වන අතර අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 07දා විදි සංචාරය කරයි. එදින රාත්‍රියේ ගැටඹේ තොටේදි දිය කැපිමේ චාරිත්‍රය ඉටුකිරීමෙන් පසු පසුදා දහවල් පෙරහර පවත්වා පෙරහර නිමවු බව සඳහන් සංදේශය දියවඩන නිලමේවරයා ජනාධිපතිතුමාට භාරදිමෙන් මෙවර ඇසල පෙරහර මංගල්‍ය නිමාවට පත්වේ.

ශ්‍රී දළදා මාලිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදි මෙම තොරතුරු අනාවරණ විය.