මන්නාරම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට

මන්නාරම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියටරුපියල් මිලියන 2200ක වියදමින් ඉදිකළ මන්නාරම ජල සම්පාදන ව්‍යාපෘතිය ඊයේ (07)අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් ජනතා අයිතියට පැවරීණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යංශය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය එක්ව ක්‍රියාත්මක කොට ඇත. මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ ද මූල්‍ය අනුග්‍රහය ලැබී ඇත.
මේ යටතේ මූර් වීදිය, උප්පුකුලම් දකුණ, උප්පුකුලම් උතුර, පෙරියකඩෙයි, පතන්කණ්ඩ්ඩිකෝඩු නැගෙහිර හා බටහිර, පෙටා, එමිල් නගර්, මුරුක්කන් ආදී මන්නාරම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පානීය ජලය ලබාදෙනු ඇත. මේ හරහා පුද්ගලයින් 59,250ක් ප්‍රතිලාභය හිමිවනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top