පිං කැටවල මුදල් විහාරස්ථාන සංවර්ධනයටම ලබාදෙනවා

විහාරස්ථානවල ඇති පිං පෙට්ටිවලට ලැබෙන මුදල් රජය ලබාගන්නේ නැති අතර ඒවා විහාරස්ථාන සංවර්ධනයටම ලබාදෙන බව අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කරනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි මේ බව ප්‍රකාශ කළේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා. රටේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ මෙන්ම බෞද්ධාගමික කටයුතු පිළිබඳව ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා.

විහාරස්ථානවලට ලැබෙන මුදල් විහාරස්ථානවල සංවර්ධන කටයුතුවලටම ලබාදෙන බව ද අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස ස්වාමීන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියා. උන්වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තා. මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top